Final Fantasy XV: Pocket Edition


     
ෆයිනල් ෆැන්ටසි වීඩියෝ  ගේම් එක නම් ගේම් ගහන ගොඩක් අය ගහල ඇති කියල මම හිතනව, ඒත් පෝන් එකෙන් ගේම් ගහන අයගෙන් නම් බහුතරයක් final fantasy xv  ඇන්ඩ්රොයිඩ් ගේම් එක ගහල ඇති කියල මම හිතන්නෑ.
මේක තමයි ඒක😂

  ඔරිඡිනල් pc ගේම් එකේම ස්ටොරි එක ⁣තමයි මේකෙත් තියෙන්නෙ..හැබැයි චරිත ටිකක් හුරතල් පෙනුම කරල තියෙනව.

ගේම් එක ගැන මම ඔයාලට කෙටියෙන් කියන්නම්..

Lucis කියන රාඡධානියේ ඔටුන්න හිමි කුමාරයා තමයි Noctis කියන්නෙ. මේ රාඡධානියට විරුද්ධව Niflheim රාඡධානිය යුද්ධ ප්‍රකාශ කරලයි තියෙන්නෙ...
  හැබැයි lucis රාඡධානියේ රඡතුමා සතු මායා මැණිකෙ මායාබලය නිසා lucis රාඡධානිය ආරක්ෂා වෙලයි තියෙන්නෙ. දවසක් පිය රඡතුමා noctis කුමාරයට කියනව රාඡ්‍යයේ අනාගතය වෙනුවෙන් lunafreya කියන කුමාරිකාවව බඳින්න කියල. හැබැයි මේ විවාහය රහසේ වෙන්න ඕන නිසා යාලුවොත් එක්ක රහසේම යන්න කියල තමයි පිය රඡතුමා කියන්නෙ.
     ඉතින් කුමාරය යාලුවොත් එක්ක වාහනයේ නැගල යන්න යනව. හැබැයි වාහනේ මඟදි කැඩෙනව. ඒ අතරතුර තමයි කුමාරය ඇතුලු පිරිසට වි⁣ශේෂ ආරංචියක් ලැබෙන්නෙ.ඒ තමයි මෙයාල ගිය අතරෙ Niflheim රාඡධානියෙ අධිරාජ්‍යයා රහස් කුමන්ත්‍රණයක් කරල noctis කුමාරයගෙ පිය රඡතුමාව මරල රාඡධානිය අත්පත්කරගෙන තියෙන බව..
විවාහයේ කතාව සම්පූර්ණ වංචාවක්. ඔවුන් කුමරියවත් හංගල.

    තමන්ට අයිති කුමාරිකාවවත් ලබාගෙන පරම්පරාවෙන් එන මායා බලයන් හොයාගෙන ඒවයෙන් සන්නද්ධ වෙලා අවසානයේ නැවතත් තමන්ගෙ රාඡධානිය හිමි කරගන්න noctis කුමාරයා සහ ඔහුගෙ මිතුරු පිරිස ගෙනියන සටන ගැන තමයි මේ ගේම් එකේ තියෙන්නෙ.

හිතනවට වඩා ගොඩක් සංකීර්ණ සුපිරිම ස්ටෝරි එකක් තමයි මේකෙ තියෙන්නෙ. ගේම් එක මුලින්ම ටිකක් විතර කම්මැලි උනත් ටිකක් ගහනකොට ඇබ්බැහි වෙන බව නොකියාම බෑ.

මේ කතාව ගැන ඔයාට සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න පුලුවන් ගේම් එක ගහන්න කලින් Final Fantasy XV ඇනිමේෂන් චිත්‍රපටය බැලුවනම්..
ඒකෙත් මේ සිද්ධිය ගොඩක් පැහැදිලි කරල තියෙනව.

⁣මේ ගේම් එකේ සයිස් එක 370mb වෙනව. ඊට පස්සෙ 500 mb විතර ඇතුලෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන. ඊලඟට 200 mb විතර වෙන එපිසෝඩ් දහයකුත් තියෙනව ඩවුන්ලෝඩ් කරන්න.
කැමති නම් එපිසෝඩ් එක එක වෙනමත් , නැත්නම් එකපාරම එපිසෝඩ් දහයම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්කමත් තියෙනව..
 (Pc එකේම full story තියෙන android game එක නිසයි මෙච්චර සයිස්)

370mb + 500mb + 2gb = 2.87gb විතර වෙනව මේ ගේම් එක.

Playstore එකේ එපිසෝඩ් ගන්න ගෙවන්න වෙන නිසා මම දීල තියෙන ලින්ක් ගේම් එක ගන්න.

Screen shots :




Download : මෙතන click කරන්න


Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment