Rick and Morty (S 01: E 01) sinhala subtitles රික් සහ මෝටිගේ වික්‍රම සිංහල උපසිරැසි සමඟ


            මුලින්ම කියන්න ඕන මේක මගෙ පළවෙනි උපසිරැසිය , වැරදි දහස් ගානක් වගේම හැමෝම දන්න සරල දේවල් එහෙමත් මට වැරදිලා තිබුනොත් ඒවට මට සමාවෙන්න වගේම මට ඒව පෙන්නල දෙන්න කියල මම ඉල්ලන්න කැමතියි. මොකද කෙනෙක් කරන වැරදි කවුරුහරි ⁣පෙන්නුවෙ නැති උනහම තමයි එයා ඕනෑවටත් වඩා වැරදි කරල වැරදි පාරෙම යන්න පෙලබෙන්නෙ.මට එහෙම වෙනවට මම කැමති නෑ.......
     මම මේක මගෙ විනෝදයට කරන වැඩක් මිසක් වෙන අරමුණකට කරන දෙයක් නෙවෙයි.
             සරල කාටූන් එකක් වගේ පෙනුනනට මේකෙ දෙපැත්ත කැපෙන වචන , උපහැරණ වගේම , හදිස්සියකට ගූගල් දෙයියගෙන්වත් උදව්වක් ගන්න බැරි අන්ඩරදෙමළත් පිරිල තිබුන.ඒ නිසා ඒවට මට හිතෙන හැටියට දැනුන  වචන දාල කතාව හැදුවට ඔයාලට අවුලක් දැනෙන එකක් නෑ කියල මම හිතනව.

ගොඩක් වැඩ රාඡකාරි එක්ක මම රෑට තමයි මේ සබ් කොටන වැඩේ කරන්න පටන්ගත්තෙ, ඒ නිසා මගෙ අතින් සබ් දෙන්න ටිකක් පරක්කු වෙන්න පුලුවන්. ඒකට මට සමාවෙන්න.
දෙවනි එපියත් මට පුලුවන් ඉක්මනින් මම ලබා දෙන්න මම උත්සහ ගන්නම්

             කාටූන් එකක් උනාට , මේක කුඩා ළමුන්ට නම් උචිත එකක් නෙවෙයි. මේකෙ භාවිතා කරන වචන ඇතැම් සිදුවීම් නිසා මේ ඇනිමේෂන් කතා මාලාව වයස 14 ට වැඩි ළමයින්ට සුදුසු එකක් කියල තමයි නම් කරල තියෙන්නෙ.
එහෙනං අපි කතාවට බහිමු.
           අවුරුදු විස්සක් අතුරුදන් වෙලා හිටපු රික් කියන මහලු විද්‍යාඥයා එකපාරටම තමන්ගෙ දුව බෙත්ගෙ නිවසට එන්නෙ නවාතැන් පහසුකම් ඉල්ලගෙන. මේ රික් කියන්නෙ සුපිරි විද්‍යාඥයෙක්. හැබැයි බෙත්ගෙ සැමිය ඡෙරී නම් මේ රික්ගෙ පැමිණීමට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නෑ. ඡෙරී කියන හැටියට නම් රික් කියන්නෙ පිස්සු හැදුන අයින්ස්ටයින් කෙනෙක්.
       කොහොම හරි ඡෙරීගෙ ගරාඡ් එක තමන්ගෙ විද්‍යාගාරය කරගන්න රික් , තමන්ගෙ මුණුපුරා වෙන මෝටිවත් එකතුකරගෙන අපූරු වික්‍රමයන් රාශියක් කරන්න තමයි ලෑස්තිය..
    අපි එහෙනං බලමු ඒ වික්‍රම මොනවද කියල.

සිංහල උපසිරැසිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න >>> Download <<<

ඩවඩවුන්ලෝකරන ලද සබ් එක වැඩ නැත්නම්  මෙලෙස rename කරන්න - Rick and Morty - 1x01 - Pilot.720p.BluRay.Uncensored.HI.en.srt

Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

21 comments:

  1. Rick and MortY sub dennako digatama

    ReplyDelete
  2. Okkom one broo ❤️❤️❤️❤️😘😘😘

    ReplyDelete
  3. Ade niyami anith sub tikath damu ❤❤❤

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. දිගටම දාන්න බ්‍රෝ

    ReplyDelete
  5. season 1 episode 4 උපසිරැසි මෙන්න.
    https://ghostm416.blogspot.com/2020/05/rick-and-morty-s01e04-sinhala-subtitles.html

    ReplyDelete
  6. මේකේ 3 වෙනි එපියන් එහාට සබ් නැද්ද?

    ReplyDelete
  7. ඉතුරැ ටිකත් ඕනෙ

    ReplyDelete
  8. අඩේ මචං ඉතුරැ ටිකත් ඕනෙ අද හෙටම🙁

    ReplyDelete
  9. Adoo balu wad nokara digatama sub diym kolla

    ReplyDelete
  10. sub tikak thawa dammanam ptta bro

    ReplyDelete
  11. digatama danna barinam nokara hitapan bn hoda serious ekakne meka naththan mula idalama english walin balanna thibba

    ReplyDelete