ඡංගම දුරකථනය මගින් සිංහල උපසිරසි සහිතව චිත්‍රපට / රූපවාහිනී කතා මාලා නරඹන්නේ කෙසේද? (බාගත කිරීමට වෙබ් අඩවි සමඟ සරල පැහැදිලි කිරීමක්)

අන්තර්ජාලයෙන් චිත්‍රපට නරඹනව කියන්නෙ අද කාලෙ බොහෝ දෙනෙක් දන්න දෙයක්. නමුත් ඡංගම දුරකථනයෙන් චිත්‍රපට / කතා මාලා නරඹනව කියන එක නම් සමහර අයට නුහුරු දෙයක්. ඉංග්‍රීසි ඒව සිංහල උපසිරසි එක්ක. ඒක තවත් පුදුමයි.අපි අතර මේ ගැන නොදන්න අය බොහෝමයක් ඉන්නව, එයාල වෙනුවෙන් තමයි මම මේ ලිපිය ලියන්න කල්පනා කලෙ,

1.බාගතකිරීම (download )

       අපි මොබයිල් එකෙන් චිත්‍රපටියක් හරි කතාමාලාවක් හරි බලන්න හිතාගෙන ඉන්නව නං මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ කතා මාලාව ඩවුන්ලෝඩ් කරන එක. ඔනලයින් බලන්නත් පුලුවන් , ඩේට පුච්චගෙන එහෙම බලනවට වඩා ඩවුන්ලෝඩ් කරගෙන පහසු වෙලාවක බලන එක තමයි සැපත. ඒ සඳහා අපිට ක්‍රම දෙකක් තියෙනව. එකක් තමයි ටොරන්ට් , අනික ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්.

1.1ටොරන්ට් ඩවන්ලෝඩ් - මෙහිදි බාගත කිරීම වෙන්නෙ ටොරන්ට් ඇප් එක හරහායි. ඒ ඇප් එක google playstore එකේ තියෙනව u torrent නමින්.
ටොරන්ට් භාවිතා කරන්න පුරුදු උන අයට ඒක ඉතාමත් ඉක්මන් පහසු වැඩක්, නමුත් ඩවුන්ලෝඩ් විෂයෙ ආධුනිකයන්ට නං මේ වැඩේ ටිකක් කරදරයි. එයාලට ඩිරෙක්ට් ඩවන්ලෝඩ් කරන එක තමයි පහසුම ක්‍රමය.

ටොරන්ට් භාවිතා කරන එක ගැන නොදන්න අයට මම ⁣කලින් ලිපියක් දැම්ම ටොරන්ට් ගැන උනන්දු අය මෙතනින් ගිහින් ඒක බලන්න >> ටොරන්ට් මගින් filmබාමු

1.2 ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් - මෙතනදි වෙන්නෙ අපිට අවශ්‍ය කරන චිත්‍රපටය හෝ කතා මාලාව කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙන එක. මේක ගොඩක් සරලයි. නමුත් මේ වැඩේට අවශ්‍ය වෙබ් අඩවි නම් සීමිතයි.(ගොඩක් තියෙනව , නමුත් ඇඩ් වැඩියි)

මෙන්න ඔයාලට චිත්‍රපට ඩවන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් සහ ටොරන්ට් කලවමේ අඩංගු වෙබ් අඩවි.

~සිංහල චිත්‍රපට~

1.පළමු අඩවිය

2. දෙවන අඩවිය

3. තෙවන අඩවිය(මේකෙ සිංහල හඬ කවපු කාටූකා,ළමා චිත්‍රපට තියෙනව)

~ඉංග්‍රීසි චිත්‍රපට~

TFP අඩවිය

~ඉංග්‍රීසි , හින්දි, දමිළ , සෑම වර්ගයකම චිත්‍රපට~

බයිස්කෝප් ඩවන්ලෝඩ් අඩවිය

~රූපවාහිනී කතා මාලා~

1. Index අංක 1

2. Index අංක 2

Index නිතරම ස්ලෝ වෙනව. එහෙම උනොත් අනිත් එක පාවිච්චි කරන්න. ලින්ක් දෙක මාරුවෙන් මාරුවට  පාවිච්චි කරන්න පුලුවන්

මට මේ ලින්ක් සොයා ගන්න උදව් කරපු දනුෂ්ක සොයුරවත් අමතක කරන්නම බෑ. එයාලගෙ facebook ගෘප් එකෙත් ඩිරෙක්ට් ලින්ක් විශාල සංඛ්‍යාවක් තියෙනව ඒකට මෙතනින් යන්න >> රූපවාහිනී කතාමාලා direct link

මෙතනදි ඔයාලට අවශ්‍ය ඕනෑම කොලිටි එකකින් තෝරල චිත්‍රපට බාගන්න පුලුවන් ,
(ගිහින් තමන් ආස චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරගන්න)

ඩවුන්ලෝඩ් කිරීමේදී,

් වඩාත් ඉහළ රූපරාමු වලට 1080p (මේ සඳහා HD රූපරාමු වලට සහය දක්වන දුරකථනයක් ඕන. රුපියල් 15000ට වැඩි ඕන එකක තියෙනව) මේ කොලිටියෙන් බාන්න 1.5 - 2.2 gb අතර දත්ත ප්‍රමාණයක් යනව.

ඉහළ රූපරාමු සඳහා 720p මෙහිදී 600mb - 1gb අතර දත්ත ප්‍රමාණයක් යනව.

සාමාන්‍ය රූපරාමු සඳහා 480p (මගෙ අදහස නම් මොබයිල් එකෙන් film බලන්න ඔය ගාන ඇති) ⁣මෙහිදී 200 - 400mb දත්ත ප්‍රමාණයක් යනව.

480p film ගැන මම ලියපු ලිපියට මෙතනින් යන්න - 480p film බෑමට වෙබ් අඩවි

දුර්වල රූපරාමු සඳහා 360p , (වැඩිය ඩේට නැත්නම් මේ කොලිටියෙන් ගන්න. කිසි අවුලක් නැ බලන්න පුලුවන්) මෙහිදී 150 -250mb අතර දත්ත ප්‍රමාණයක් යනව.

2.චිත්‍රපටය / කතාමාලාව නැරඹීමට player එකක්.

   මේ සඳහා google playstore එකේ ගොඩක් player තියෙනව.නමුත්  ඒ අතරින් සිංහල භාෂාවට සහය දක්වන්නෙ player දෙක තුනක් විතරයි.
ඒ අතර ඉහළින්ම ඉන්නෙ mx player එක
සහ all format video player එක.

ඔයා සිංහල උපසිරසි එක්ක චිත්‍රපටය නරඹනව නම්, අනිවාර්යයෙන් මේ දෙකෙක් එකක් instroll කරගත යුතුමයි.

දෙකෙන් එකක් විතරයි ඕන. දෙකම ඩවන්ලෝඩ් කරන්න අවශ්‍ය නැහැ.

Mx player එක මෙතනින් ගන්න - Max player download

All format video player එක මෙතනින් ගන්න - All format video player download

3. උපසිරසි ලබාගැනීම

ලංකාවෙ චිත්‍රපට , රූපවාහිනී කතා මාලා වලට උපසිරසි සපයන වෙබ් අඩවි බොහෝමයක් තියෙනව. ඒ අතරින් අංක එකට ඉන්නෙ බයිස්කෝප් අඩවිය. ඊලඟට සූම් අඩවිය.

චිත්‍රපටය/ කතා මාලාව ඩවුන්ලෝඩ් කරල ඉවර උනහම, ඔබලට තියෙන්නෙ මෙතන තියෙන වෙබ් අඩවි වල⁣ට ගිහින් උපසිරසි ලබාගන්න. එකක නැත්නම් අනිකෙ බලන්න.

~උපසිරසි සඳහා වෙබ්අඩවි මෙතනින් යන්න~

බයිස්කෝප් සිංහලෙන්

සූම්

Subzlk

4. උපසිරසි භාවිතා කිරීම.

ගොඩක් වෙලාවට ඉහත දැක්වුන වෙබ් අඩවි වලින් දෙන උපසිරසි සිප් ( එහෙමත් නැත්නම් compress ) කරපු ෆයිල් විදිහටයි ලැබෙන්නෙ.
මේව භාවිතයට ගන්න නම් සිප් එක ඉවරත් කර ගන්න වෙනව. ( un zip / extract )

සමහර දුරකථන වල මෙම පහසුකම නිකම්ම ඇවිල්ල තියෙනව , ඩවන්ලෝඩ් කරපු සිප් ෆයිල් එක click කරගෙන හිටියම unzip / extract කියල වැටෙනව ඒක දුන්නම හරි.

එහෙම නැත්නම් google playstore එකෙන් es file explore ඇප් එක බාගෙන භාවිතා කරා නම් හරි.

ඒක හරි සරල වැඩක්.

5. උපසිරසි සමඟ චිත්‍රපටය නැරඹීම.

මුලින්ම player එකට ගිහින් චිත්‍රපටය play කරන්න.

ඊලඟට mx player එකේ දකුණු පැත්තෙ උඩ තිත් තුනක් තියෙනව ඒක click කරන්න.

එතකොට menu එකක් එයි. එතනින් subtitles කියන එක තෝර ගන්න.
දැන් open click කරන්න
දැන් තමන්ගෙ ඩ්‍රයිව් එකේ ස්ටෝරේඡ් එකට ගිහින්  ඩවුන්ලෝඩ් කරගත්ත උපසිරසි තියෙන තැනට ගිහින් ඒක තෝරන්න.

දැන් වැඩේ හරි. සිංහල උපසිරසි එක්ක චිත්‍රපටය/කතා මාලාව වැඩ.
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. ඔන්න අපිත් ොඩවැදුනා...
    ආපහු එනවා

    ReplyDelete
  2. Lankatricks.com is the best online place in the Sri Lanka for finding educational resources such as Government exam papers and Knowledge like SLAS Exams, Banking Exam, Gread five scholership exam, O/L Exam, A/L Exam, University Exams, Technical knowledge exam etc. Here, Can get Exam papers, Pass Papers, Model Papers,Syllubus and many more other educational resources.

    ReplyDelete