Rick and morty (S 01: E 03) sinhala subtitles රික් සහ මෝටිගේ ශරීර අභ්‍යන්තර විනෝද උයනේ සවාරිය සිංහල උපසිරැසි සමඟ

   අවුරුදු විස්සක් අතුරුදන් වෙලා හිටපු රික් කියන මහලු විද්‍යාඥයා එකපාරටම තමන්ගෙ දුව බෙත්ගෙ නිවසට එන්නෙ නවාතැන් පහසුකම් ඉල්ලගෙන. මේ රික් කියන්නෙ සුපිරි විද්‍යාඥයෙක්. හැබැයි බෙත්ගෙ සැමිය ඡෙරී නම් මේ රික්ගෙ පැමිණීමට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නෑ. ඡෙරී කියන හැටියට නම් රික් කියන්නෙ පිස්සු හැදුන අයින්ස්ටයින් කෙනෙක්.
       කොහොම හරි ඡෙරීගෙ ගරාඡ් එක තමන්ගෙ විද්‍යාගාරය කරගන්න රික් , තමන්ගෙ මුණුපුරා වෙන මෝටිවත් එකතුකරගෙන අපූරු වික්‍රමයන් රාශියක් කරන්න තමයි ලෑස්තිය..
       මේ පාර නත්තලට රික් ඡෙරීලගෙ නිවසට අපූරු අමුත්තෙක් එක්කගෙන එනව.මේ අමුත්තගෙ නම තමයි රූබන්. රික් මොකක්ද මේ රූබන්ව ගෙනල්ල නටන්න හදන නාඩගම,
ඒ අස්සෙ නත්තලට ඡෙරීගෙ ගෙදර එන ඡෙරීගෙ අම්මගෙයි තාත්තගෙයි හොරේ මොකක්ද?
ඒව දැනගන්න නම් මේ එපිසෝඩ් එක බලන්නම වෙනව..

       මෙදා පාර සබ් එක මට අරගෙන එන්න ගොඩක් කල් ගියා,ඒකට හේතු ගොඩක් තිබුන. ඒ හැම එකටම වඩා විශාලම හේතුව උනේ මේ සබ් එක පරිවර්තනය කරන එක.
  සමාන්‍යය පෙළ ඡීව විද්‍යාව විශයටවත් නොතිබ්බ අමුතු වචන කෑලි එක්ක ,, ගූගල් දෙයිය අන්ත අසරණ වෙලා හැංගෙන ඩබල් මීනින් පද මේකෙ කලින් සබ් දෙකටම වඩා  පිරිල තිබුන. ඒ වගේම ඉංග්‍රීසි සබ් එකේ තියෙන වචන  ඒ විදියට පරිවර්තනය කලාම ,, ඇනිමේෂන් එක⁣ට දාගෙන බලනකොට මෙලෝ දෙයක් නොතේරෙන සීන් කෝන් එකකුත් ආව. 
    ඒ නිසා ඒ පද මට ඕන විදියට වෙනස් කරල තමයි මම සබ් එක හැදුවෙ. ඒ නිසා ඔයාල හොඳටම දන්න ඉංග්‍රීසි වචනත් සමහර වෙලාවට සබ් එකේ වෙනස් විදියට තියෙන්න පුලුවන්..නමුත් මම හිතනව ඒකෙන් රසවින්දනයට හානියක් වෙලා නැතුව ඇති කියල. කොහොම නමුත් අවසන් තීරණය ඔයාලට බාරයි.

එහෙනං ලඟදිම 4 වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු.

සිංහල උපසිරැසිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න >>> Download <<<

තව ඔයාල දැනගන්න ඕන දෙයක් තියෙනව. හෙපටයිටිස් කියන්නෙ අධික මත්පැන් පානය නිසා පෙනහැල්ලෙ හැදෙන භයානක රෝගයක්. ලෝකයේ බොහෝ පිරිසක් මැරෙනව මේ ලෙඩේ නිසා
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

16 comments:

  1. බොහොම ස්තුතියි මචං 😊👍.. කෝ ඉතුරු ටිකේ සබ් 😊

    ReplyDelete
    Replies
    1. Rick and Morty S01E04 Sinhla Sub
      https://ghostm416.blogspot.com/2020/05/rick-and-morty-s01e04-sinhala-subtitles.html

      Delete
    2. 4න් පස්සෙ ඒවාත් දාන්න බ්‍රෝ

      Delete
    3. අනිත් එවත් ඔනි බ්‍රො
      බ්‍රො

      Delete
  2. එළම පැන්ඩෝ. අනිත් ටිකත් දාන්න

    ReplyDelete
  3. digatama sub oone broo

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Rick and Morty S01E04 Sinhla Sub
    https://ghostm416.blogspot.com/2020/05/rick-and-morty-s01e04-sinhala-subtitles.html

    ReplyDelete
  6. Ai aiye sub ek pennanne nththe..extract krnn bane

    ReplyDelete
  7. අනිත් ටිකත් දාන්න.

    ReplyDelete
  8. E bn oya penahalla newe akmawa yakoo

    ReplyDelete
  9. පෙනහැල්ලක් නෙමේ බන් අක්මාවක්

    ReplyDelete