Psp game android වල play කරන්නේ කොහොමද?

       
මේ දවස්වල ගොඩක් ඇන්රොයිඩ් ගේමර්ස්ලට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි psp ගේම් එහෙමත් නැත්තම් playstation potable ගේම් ඇන්රොයිඩ් වල ගහන්නෙ කොහොමද කියන එක. අද මම ඕගොලන්ට බොහොම සරලව ඒ ගැන කියල දෙන්නම්..

1. Google playstore එකට ගිහින් psp emulater කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

2.දැන් ඕගොලන්ට තියෙන්නෙ psp ගේම් එකක් තෝරගන්න එක..ඒකට ඕනතරම් වෙබ් අඩවි අන්තර්ඡාලයෙ තියෙනව. ඒවයින් තමන්ට හොඳයි කියල හිතෙන එකක් ඩවුන්ලෝඩ් කරගන්න.

3. ගොඩක් වෙලාවට මේ ඩවුන්ලෝඩ් කරන ෆයිල් තියෙන්නෙ zip ආකාරයට එහෙමත් නැත්තම් compressed කරල. ඒ කියන්නෙ තොරතුරු එකට කැටි කරල හිර කරල.. මේව අපිට භාවිතා කරන්න නම් අපි ඒව extract කරන්න ඕන.

4. මේ extract කරන වැඩේට es file explor පාවිච්චි කරන්න . මොකද වෙන වෙන ඒවයින් කලාට සමහර වෙලාවට error එනව. එහෙම නාවත් සමහර වෙලාවට ගේම් වැඩ නොකරන්න පුලුවන්...

5. සමහර වෙලාවට මේ ගේම් එකපාරක් extract කලාට වැඩ නොකරන්න පුලුවන් , මොකද සමහර ගේම් වල zip file දෙකක් තියෙනව... එ් දෙවනි එක තියෙන්නෙ අපි extract කරපු එක ඇතුලෙ.. ඒක ඇතුලට ගිහින් ඒ zip එකත් extract කලාම වැඩේ හරි...

6. දැන් ඉතින් ගේම play කරන්න තමා තියෙන්නෙ. ඒක දෙවිදිහකට කරන්න පුලුවන් .. පළවෙනි ක්‍රමය තමයි.. ඩවුන්ලෝඩ් කරල extract කරපු එකේ iso file එක හොයාගෙන click කරන එක.. එතකොට ඒක psp emulater එකෙන් auto run වෙනව..
එහෙම නැත්තම් psp emulater එක ඕපන් කරල තමන් ඩවුන්ලෝඩ් කරපු ගේම් එක ඒකෙන් serch කරල හොයාගන්න...

7. මේ ඩවුන්ලෝඩ් කරන සමහර ගේම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව play කරන්න පුලුවන් .. ඒත් අතරින් පතර settings හදන්න අවශ්‍ය වෙන ගේම් තියෙනව. ඒ ගේම් ඩවුන්ලෝඩ් කරල play කලාට graphics අවුල් ,  sound අවුල් ඒ වගේම හිර වෙන තත්ව ඇති වෙනව. ඒවට නෙට් එකෙන් බලල අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න ඕන..

8.තව වැදගත් දෙයක් තමයි psp game වල සයිස් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන ප්‍රමාණෙන් මනින්න බෑ.. සමහර mb 100 ගේම් extract කලාම 1gb වෙන්නත් පුලුවන්...
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment