ඡංගම දුරකථනයෙන් චිත්‍රපට නරඹන ඔබට Easy subtitle ඇප් එක ආධාරයෙන් උපසිරැසි ගැටලු විසඳා ගැනීමට අත්වැලක්.(ssa/srt)

Easy subtitle කියන්නෙ ඇන්ඩ්රොයිඩ් වලට ආපු සුපිරිම ඇප් එකක්,ඒකෙන් ඕනම ෆිල්ම් එකකට සබ් එකක් එකක් හදන එකේ ඉදල ,කපල කොටල ටයිම් හදල එකි නොකී බොහෝ දේ කරන්න පුළුවන්.
     ඒව ගැන අපි පස්සෙ කතා කරමුකො, අපි අද කතාකරන්නෙ ඡංගම දුරකථනයෙන් චිත්‍රපට නරඹනකොට අපි දාගන්න සබ් එකේ ඇතිවන බරපතළ අවුලක් (නොදන්න එවුන්ට😂😂😂) නිරවුල් කරගන්න ආකාරය ගැන.
ඒ තමයි අකුරු ප්‍රමාණයෙන් කුඩා වීම.

බයිස්කෝප් , සූම් , සබ්ස් lk වගේ ගොඩක් සිංහල උපසිරැසි අඩවිවල උපසිරැසි ලබා දෙනකොට ඒ උපසිරැසි ආකාර කිහිපයකින්ම ලබා දෙනව.. ඒ අතරිනුත් සුවිශේෂී වන්නෙ ssa සහ srt කියන මාදිලි දෙක..
Srt මාදිලියේ උපසිරැසි අපේ ඡංගම දුරකථනයේ විශාලව සුපැහැදිලිව පෙන්නුවත් ssa මාදිලියෙ උපසිරැසි එහෙම නෑ. ඒව කුඩාවට විකෘති වෙලා තමයි පෙන්නන්නෙ,අන්න ඒ උපසිරැසි ප්‍රශ්නය හදාගන්න හැටි තමයි මම අද ඔයාලට අරගෙන ආවෙ.


1. Easy subtitle permium අැප් එක පහතින් ඩවුලෝඩ් කරගන්න.


2. Easy subtitle ඇප් එක විවෘත කරගන්න

3.open යන්න click කර ඔබට ප්‍රශ්නයක් වී ඇති උපසිරැසි ගොනුව තෝරා ගන්න.

4.දැන් එය විවෘත වූ පසු ලැබෙන තිරයේ දකුණු පස ඉහළ ඉරි කෑලි තුනක සලකුණ ඔබන්න.

5.save as ඔබන්න

6.දකුණු පස යට මෙනුවේ ssa වෙනුවට srt ලබාදෙන්න.

දැන් ඇප් එකෙන් ඉවත්වී චිත්‍රපටය play කර උපසිරැසි පරික්ෂා කර බලන්න. ප්‍රශ්නය නිරවුල් වී ඇති.
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: